බස්නාහිර පාසල් විවෘත කිරීම තවත් කල් යයි


(අජන්ත කුමාර අගලකඩ)  

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම තවදුරටත් කල්යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

පාසල් යළි විවෘත කිරීම, පෙරපාසල් හා උපකාරක පන්ති පැවැත්වීමට අවසර දීම ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සහ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ඉකුත් බ්‍රහස්තින්දා (17) පැවැති අතර බස්නාහිර පළාතේ පාසල් දැන්ම විවෘත කිරීම අවදානම් බව සෞඛ්‍ය විශේෂඥයන් එහිදී පෙන්වා දී ඇතැයි වාර්තා වේ.  


දැනට පාසල් විවෘත කර ඇති ප්‍රදේශවල ප්‍රාථමික අංශ විවෘත කිරීමටත් පෙර පාසල් හා උපකාර පන්ති පැවැත්වීමටත් අවස්ථාව ළඟදීම හිමිවන අතර එහිදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ මාලාවක් ද මේ සති අන්තයේ දී අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කෙරෙනු ඇති බව ද පැවසීය.