බස්නාහිර පළාත් සභාවේ තැන්පතුවක තිබූ බිලියන 9 ක මුදලක් අනවශ්‍ය ලෙස වැය කරලා


 

(දයාසීලි ලියනගේ)  

බස්නාහිර පළාත් සභාවේ ස්ථාවර තැන්පතුවක තිබූ රුපියල් බිලියන නවයකට අධික මුදලක් වියදම් කර ඇති ආකාරය සොයා බලන ලෙස එම පළාත් සභාවේ සේවක පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.  

 පසුගිය කාලය පුරාම අනවශ්‍ය ලෙසින් මුදල් වියදම් කරන ලද මෙම පළාත් සභාව, සාකච්ඡා සම්මන්ත්‍රණ සඳහා විශාල වශයෙන් ආහාර පානවලට වියදම් කර ඇති අතර විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඒවා සඳහා ද අනවශ්‍ය ලෙස මුදල් වියදම් කර තිබෙන බව ද සේවක පිරිස් චෝදනා කරති.  


 ඇතැම් සම්මන්ත්‍රණ සඳහා දිවා ආහාරයට ලක්ෂ 47 ක් ද, උදේ ආහාරයට ලක්ෂ 17 ක් ද වියදම් කර ඇති බව වාර්තා වේ.  


 රුපියල් බිලියන 9 ක මුදලක් දිවා ආහාරයට වියදම් කර ඇති බස්නාහිර පළාත් සභාවේ අය හා වැය පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන ලෙසට ද සේවක පිරිසක් ඉල්ලා සිටිති.