බස්නාහිර ඇඳිරිය හෙටින් අවසන්


  • ගම්පහ සහ කුරුණෑගල පොලිස් ඇඳිරිනීතිය දිගටම  

(අජන්ත කුමාර අගලකඩ)  

බස්නාහිර පළාත තුළ දින 10 ක් තිස්සේ ක්‍රියාත්මකව පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) උදේ 5.00 ට ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.    

එසේ වුවද ඉකුත් 29 වැනිදා මධ්‍යම රාත්‍රියට පෙර නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ ප්‍රදේශවල ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.  


බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය හෙට දිනයේ ඉවත් කළද දිස්ත්‍රික් සංචරණ සීමා ආදිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ. බස්නාහිර පළාතට ඉකුත් 29 වැනිද‌ා මධ්‍යම රාත්‍රියේ සිට පැන වූ නිරෝධායන ඇඳිරිනීතිය ඉකුත් සඳුද‌ා (02) උදේ 5.00 ට ඉවත් කිරීමට රජය මුලින් තීරණය කළද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැඩිවීම හේතුවෙන් එය තවත් සතියකින් කල්දමනු ලැබීය.  


ගම්පහ දිස්ත්‍රික්කයට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ කිහිපයකට ඊට පෙර ඇඳිරිනීතිය පනවා තිබූ අතර එම ප්‍රදේශවල ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසේ.