බන්ධනාගාරයේ ඉහළ පුටුවල වෙනසක් ?


(ජයන්ත සමරකෝන්)  

බන්ධනාගාර පරිපාලනයේ ප්‍රබල වෙනස්කම් රැසක් නුදුරේදී සිදු​ෙවනු ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.  

මේ හේතුවෙන් බන්ධනාගාරයේ ඉහළ පුටු රැක ගැනීම සඳහා එහි නිලධාරින් දැඩි උත්සාහයක යෙදී සිටින බව ද පැවසේ.  


දකුණේ එජාපයට අයත් ප්‍රබල ඇමැතිවරයකුගේ සහායෙන් මෙම ඉහළ පුටු රැසක්ම ලබාගෙන ඇති බවට නිලධාරීන් චෝදනා කරති.  


එබැවින්, මොවුන්ගෙන් වැඩි දෙනෙක් අද‌ාළ දේශපාලනඥයා පිටුපස යටින් ඔහුගේ පිහිට පතන බව ද දැනගන්නට තිබේ.