බන්ධනාගාර අළුගෝසුවන් තේරීම ජනපති කාර්යාලය පවරා ගෙන?


(ජයන්ත සමරකෝන්)  

වැලිකඩ හිරගෙදර පවතින අළුගෝසු ඇබෑර්තු දෙක සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමේ වගකීම ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පවරාගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.  

මෙවැන්නක් සිදුවී ඇත්තේ බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ද පැවසේ.  


අළුගෝසු තනතුරේ පුරප්පාඩුව සඳහා පසුගියද‌‌ා පැවැති සම්මුඛ පරික්ෂණයෙන් අවසන් වටයට තෝරාගත් අපේක්ෂකයින් 26 දෙනෙකුගේ නම් ලැයිස්තුව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින බව ද දැනගන්නට තිබේ.  


 ඒ අතරින් සුදුසුම පුද්ගලයින් දෙදෙනා තෝරා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දීමට නියමිතය.  


අයදුම්කරුවන් 133 දෙනෙකුගෙන් මෙම 26 දෙනා තෝරනු ලැබූ අතර ඔවුන්ට මේ වන විට තනතුර පිළිබඳ පෙරහුරුවක් ද පවත්වා අවසන්ය.  


 අළුගෝසු තනතුරේ පුරප්පාඩු පවතින්නේ 2013 වසරේ සිටය.