බද්දට ගත් ගුවන් යානයෙන් ශ්‍රී ලංකන් කෝටි 100 ක් පාඩු විඳියි


(දයාසීලි ලියනගේ) 

ශ්‍රී ලංකන් ගුවන් සේවයට කල්බදු ක්‍රමයට ලබා ගන්නා ලද ඒ 330 වර්ගයේ ගුවන් යානයක් මාස දෙකකට ආසන්න කාලයක් ගුවන් ගමන්වල නොයෙදීම නිසා රුපියල් කෝටි 100 කට වැඩි මුදලක් මාසයට පාඩු විඳීමට සිදුවී ඇතැයි වාර්තා වේ. 

ඇමෙරිකාවේ ලියාපදිංචි එයාර් කැබ් ආයතනයෙන් කල් බදු ක්‍රමයට ලබා ගන්නා ලද මෙම ගුවන් යානය, පෘතුගාලයට උප කල්බදු ක්‍රමයට කුලියට ලබා දී තිබූ බව සඳහන් වේ. 


වාර්ෂික කල්බදුවකට ලබා දී තිබූ මෙම ගුවන් යානයේ ගිවිසුම් කාලය අවසන් වීමෙන් ගිය 3 වැනිද‌ා යළි මෙරටට ගෙනැවිත් බාර දී ඇති බව කියති. 


ගුවන් ගමන්වල යෙදවූයේ නැතත් මෙම ගුවන් යානාව සඳහා ලීසිං ගාස්තු ගෙවීමට සිදුවී ඇතැයි වාර්තා වේ.