පෞද්ගලික බස් හාරදාහක් එකතැන තිබ්ලා අබලන්


(දයාසීලි ලියනගේ)   

මගී ප්‍රවාහනය සඳහා පෞද්ගලික අංශයෙන් යොදවා තිබූ බස් රථ 20,000 න් 4000ක් අබලන් වී ධාවනයට නුදුසුසු තත්ත්වයට පත්වී තිබෙන බව වාර්තා වේ.  මාස දෙකකට අධික 

කාලයක් බස් රථ ධාවනය නොකිරීම නිසා බැටරි ක්‍රියාවිරහිත වීම, මළ බැඳීම හා ඇතැම්​ කොටස් ක්‍රියා විරහිත වීම සිදුවී තිබෙන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීය.  

බස් රථ 3000 ක බැටරි ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්වී තිබෙන අතර බස් කර්මාන්තය ගොඩනැගීම සඳහා රජයේ පාර්ශ්වයෙන් කිසිදු සහනයක් ලැබී නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.   


දළ දේශීය නිෂ්පාදිතයට පෞද්ගලික බස් රථ ධාවනයෙන් සියයට 10ක දායකත්වයක් ලබා දුන් බව ද ඔහු කීය.   


මේ වනවිට බස්රථ කීපයක් පමණක් ධාවනය කරනු ලබන අතර ඒවා ද පාඩු සහිතව ධාවනය වෙන නිසා වැඩි කලක් ධාවනයේ යෙදීමට නොහැකි තත්ත්යක් පවතින බව ද ඔහු කීය.