පෞද්ගලික පාසල් ශාඛා පිහිටුවීම නිදහස් අධ්‍යාපනයට හානියක්


(දයාසීලි ලියනගේ)  

පෞද්ගලික පාසල් 80 කට ශාඛා පාසල් 5 බැගින් ආරම්භ කිරීමට රජය අනුමැතිය ලබා දී තිබීම නිසා නිදහස් අධ්‍යාපනයට බරපතළ හානියක් සිදුවෙමින් පවතින බව හිටපු ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.  

මේ තීන්දුව නිසා තවත් පෞද්ගලික පාසල් 400 ක් රටේ පිහිටුවීමෙන් රජයේ පාසල්වලට බරපතළ බලපෑමක් සිදුවන බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.  
රජයේ මෙම තීරණයට බලවත් ලෙසින් විරෝධය දක්වන බව ප්‍රකාශ කළ ඒ මහතා මෙම කැබිනට් පත්‍රිකාව අවලංගු කරන ලෙසට රජයට බලපෑම් කරන බව ද කීය.  
 පෞද්ගලික පාසල් අසීමිතව පිහිටුවීමෙන් සිදුවන හානිය වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා ඇති බවත් ඒ මහතා කීය.