පෞද්ගලික ආයතනයකින් තෙල් සංස්ථාවට බිලියන 8 ක පොල්ලක්!


(දයාසීලි ලියනගේ)   

විදුලිය නිෂ්පාදනය කරනු ලබන පෞද්ගලික ආයතනයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 8ක මුදලක් 
හිඟ තබා ඇති බව වාර්තා වේ.   

ලංකා විලිය බල මණ්ඩලය ලබා ගන්නා ඉන්ධනවලින් මෙම පෞද්ගලික විදුලිය නිෂ්පාදන ආයතනයට ද තෙල් ලබාදී ඇති බව අනාවරණය වේ.   


රාජ්‍ය ආයතනයකින් පෞද්ගලික ආයතනයකට ණයට තෙල් ලබාදීම නීති විරෝධි වුවත් එය නොසළකා හරිමින් මෙම පෞද්ගලික ආයතනය දීර්ඝ කාලයක් තිස්සේ ණයට තෙල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.   


විදුලිය බල මණ්ඩලයට සම්බන්ධ අයකු මෙම පෞද්ගලික බලාගාරයේ හිමිකරුවෙක් බව ද අනාවරණය වී ඇත.   


පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රදේශ ගණනාවක විදුලිය කපා හැරීමේ සිද්ධිය පිළිබඳව ඉහළ බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් යුතු සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී ඇත.