පෝට් සිටි පෙත්සම් විභාගයේ තීන්දුව මේ සතියේ කතානායකට


(අජන්ත කුමාර අඟලකඩ)  

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට මේ සතියේ දී ලැබෙනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙ තීන්දුව ලබන මස පාර්ලිමේන්තුව රැස්වන මුල් සතියෙදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇතැයි දැන ගන්නට ඇත.  


කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඊට එරෙහිව පෙත්සම් 18 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.  


එම පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත් සඳුදා (19) ආරම්භ කරනු ලැබූ අතර ඒ පිළිබඳ විභාගය ඉකුත් සතිය පුරා සිදුවිය.