පොහොට්ටුවේ සමුළුවට ශාඛා සමිති පෙළගැස්වීම ඇරඹේ


(දයාසීලි ලියනගේ)  
ලබන නොවැම්බර් 1 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට පෙර සියලු දිස්ත්‍රික්කවල තරුණ සමිති, කාන්තා සමිති, ගොවි සමිති හා ශාඛා සමිති පිහිටුවා අවසන් කරන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.  

මේ සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් පියවර ගෙන ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ සම සංවිධායක රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කීය.  


පක්ෂ සම්මේලනය පවත්වන ස්ථානය පිළිබඳව මෙතෙක් තීරණය කර නැති බවද ඒ මහතා සඳහන් කළේය.  


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම සංවිධාන පිහිටුවීම සඳහා මූලික වී ක්‍රියාකරනු ඇතැයි ද රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.