පොහොට්ටුවේ යෝජනා ජනපතිට භාරදෙයි


(අජන්ත කුමාර අගලකඩ)   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ ව්‍යුහය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ විසින් ලබාදෙන ලද යෝජනාවලිය අධ්‍යයනය කර, සංශෝධන ද ඇතුළත් කර ශ්‍රීලනිපය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මේ වනවිට බාරදී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.   

ජනාධිපතිවරයා එය අධ්‍යයනය කිරීමෙන් පසුව, පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග කියයි.   


අලුතින් පිහිටුවන සන්ධානයේ තනතුරු, දේශපාලන මණ්‍ඩලය, විධායක සභාව ආදිය සම්බන්ධයෙන් එම යෝජනාවේ සඳහන් වන බව පැවැසේ.   


දෙපාර්ශ්වයේම යෝජනා අධ්‍යයනය කිරීමෙන් පසුව එය දෙපාර්ශ්වය අතර යළි හුවමාරු කර ගැනීමට ද නියමිතය. ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර මීළඟ සාකච්ඡා වටය, එම යෝජනාවලිය පදනම් කරගෙන සිදුවනු ඇතැයි ද පැවැසේ.