පොහොට්ටුවේ ජනපති අපේක්ෂක තේරුවාම ශ්‍රීලනිපයේ අර්බුද උග්‍රවෙලා


(දයාසීලි ලියනගේ)   

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීම උග්‍ර වී ඇතැයි වාර්තා වේ.   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව රැකෙන පරිදි කටයුතු කළ යුතුය යන මතයේ සිටින පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට එකහෙළාම විරෝධය දක්වා ඇති බව කියති.   


මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී හිටපු ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා වීම හා රට ගැන සිතා තීන්දුවකට එළැඹෙන බවයි.   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තවමත් සාකච්ඡා පැවැත්වෙන අතර මෙතෙක් අවසන් තීරණයකට එළැඹී නැතැයි ද මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.