පොහොට්ටුවේ ගම සමග පිළිසඳර ලබන මැයි මාසයේ ඇරඹෙයි


(දයාසීලි ලියනගේ)  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයවීමෙන් ග්‍රාම සේවා කොට්ඨාස 14,000 කදී ‘ගමත් සමග පිළිසඳරක්’ වැඩපිළිවෙල ලබන මැයි මාසයේදී රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.  

මෙම වැඩපිළිවෙල යටතේ ඒ ඒ ගමට අද‌ාළ වූ ගැටලු මූලික කරගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන බව එම පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කීය. මීට අමතරව ප්‍රමුඛතා කරුණු ඇතුළත් කමිටු 10 ක් පත්කර ඇති අතර විද්වතුන් ඒවාට සම්බන්ධ කර ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරෙන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.