පොහොට්ටුවේ ජනපති අපේක්ෂක හෙළිකරන මහ සමුළුව අගෝස්තුවේ


(නාලක සංජීව දහනායක)  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹ දී පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.  

එහිදී විපක්ෂනායකවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්දැයි පළමුවරට හඳුන්වාදීමට නියමිත බව ද එම ප්‍රකාශකයා කීය.  


ඒ අනුව පක්ෂය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන හා සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩසටහන් සැප්තැම්බර් මාසයට පෙර අවසන් කරන ලෙස සියලුම ආසන සංවිධායකවරුන්ට හා පළාත් පාලන නියෝජිතයන්ට උපදෙස් දී තිබෙන බව ද හෙතෙම කීය.