පොහොට්ටු-ශ්‍රීලනිප එකඟතාව දිගටම ගෙනියනවා


පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ   

(අජන්ත කුමාර අගලකඩ)   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇතිකර ගත් එකඟතාව දිගටම පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.   


ඉදිරි මහ මැතිවරණයට පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ හා සංවිධාන ගණනාවක් එක්ව සන්ධානයකින් තරග කරන බවත් එහි ලකුණ සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් ඔහු සඳහන් කළේය.   

ජනතාව ඉල්ලන සහ ජයග්‍රාහී ලකුණක් සන්ධානය සඳහා තෝරා ගන්නා බව ද බැසිල් රාජපක්ෂ මහතා කීවේය.   


ජනාධිපතිවරණයේ දී ලැබූ ප්‍රතිඵල අනුව පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානය මහ ඡන්දයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව කී රාජපක්ෂ මහතා එය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන යාමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ද කීය.