පොහොට්ටු-ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුමක්


(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර දැනට කෙරෙන සාකච්ඡා අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ දෙක එක් නොවී අපේක්ෂකයා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ දෙක අතර තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය සතියේ අඟහරුවාදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අතර එහිදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව පැවැසේ.


ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී පක්ෂ දෙක පොදු සන්ධානයකින් තරග කිරීමේ ඉඩකඩ ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගිවන දෙපාර්ශ්වයේ නියෝජිත කණ්ඩායමද මේ වනවිට වෙනස්කර ඇති අතර ශ්‍රීලනිපයෙන් මහින්ද අමරවීර දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුද පොදුජන පෙරමුණෙන් බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම හා මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුද ඊට සහභාගි වෙති.


ඒ අනුව ඉකුත් සතියේ පැවැති සාකච්ඡා සුබවාදී බවත් මැතිවරණයට තරග කරන ලකුණු සම්බන්ධයෙන් එකඟත්වයක් නොමැති බවත් එම ආරංචි මාර්ග කියයි.