පොහොට්ටු-ශ්‍රීලනිප තවත් සාකච්ඡාවක් මේ සතියේ


(අජන්ත කුමාර අගලකඩ)  

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ඡාවක් මේ සතියේ දී පැවැත්වීමට නියමිතව ඇත.  
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර, සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වෙති.  

මෙම දෙපාර්ශ්වය ඉකුත් 6 වැනිදා ද විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවී සාකච්ඡාවක් පැවැත් වූ අතර, ඉන්පසුව ශ්‍රීලනිප නියෝජිත පිරිස ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡාවක් පැවැත්වූහ.  


ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර පොදු එකඟතාවක් ඇතිවී තිබෙන නමුත් පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් පළවී නැත.