පොලිසියේ රාජකාරියට ඇඟිලි ගසන දේශපාලකයින්ට අගමැතිගෙන් තරවටුවක්


(දයාසීලි ලියනගේ)   

පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට ඇඟිලි ගසන මැති-ඇමැතිවරු පිළිබඳව වහාම තමන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇත.   

විවිධ චෝදනා මත අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් නිදහස් කරන ලෙසට ඇතැම් දේශපාලනඥයන් බලපෑම් කිරීම නිසා රාජකාරිය හරියාකාරව ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ඉහළ පොලිස් නිලධාරීන් පෙන්වාදී ඇත. විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් මෙන්ම සමහර අවස්ථාවලදී අල්ලා ගත් මත් කුඩු ටික පවා ගැනීමට නොහැකිවූ බව අග්‍රාමාත්‍යවරයාට පෙන්වාදී ඇත.   


මෙවන් තත්ත්වයක් යටතේ මත්ද්‍රව්‍ය මර්දනය කළත් දේශපාලන බලපෑම් නිසා නිරීක්ෂණ කටයුතු හරියාකාරව ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බවද පෙන්වාදී ඇත.   


මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මින් ඉදිරියට බලපෑම් කරනු ලබන දේශපාලනඥයන් පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙසටයි. මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණ කටයුතු විධිමත්ව පවත්වන ලෙසටද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.