පොලිතින් හා ප්ලාස්ටික් කැස්බෑවුන් ලක්ෂයකට මරණය ගෙනත්


(දයාසීලි ලියනගේ)  

වඳවීමේ තර්ජනයට ලක්වී සිටින කැස්බෑවුන් ලක්ෂයක පමණ සංඛ්‍යාවක් පොලිතින් හා ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා ඉකුත් වසර 10 ක පමණ කාලය තුළ මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.  

මේ බව අනාවරණය වී ඇති බව වාර්තාවේ.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවෙන් බැහැර කරනු ලබන පොලිතින් හා ප්ලාස්ටික් පමණක් මෙම සතුන්ගේ මරණයට හේතුවී නැති බවයි.  


මේ රටින් ද පොලිතින් හා ප්ලාස්ටික් යම් ප්‍රමාණයක් සාගරයට එකතුවන බව ද ඇමැතිවරයා කීය. පරිසර අධිකාරිය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව දිනකට මෙරටින් කෑම ඔතන කොළ (lunch Sheets) මිලියන 10 ක ප්‍රමාණයක් ඉවත ලන බව සොයාගෙන ඇත.