පොල් ගස් 70දාහකට රා වරම ඉල්ලා දේශපාලන පොරයක්!


 

(දයාසීලි ලියනගේ)  
ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පස් දෙනකුට සම්බන්ධ ගෝලබාලයන් 10 දෙනෙකු පමණ පිරිසක් ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයක පොල් ගස් 70,000ක රා මැදීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වේ.  


මෙයින් පොල් ගස් 38,000ක්ම ඉල්ලා ඇත්තේ, ප්‍රධාන දේශපාලනඥයකුට සම්බන්ධ මත්පැන් නිෂ්‍පාදන ආයතනයක් සඳහා බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීය.

බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තුළ රා මැදීම සඳහා මෙම අනුමැතිය ඉල්ලා ඇත. එක් පොල් ගසකින් දිනකට ලබාගත හැකි රා ප්‍රමාණය ලීටර් 1.5ක් වන අතර, මුළු පොල් ගස් ප්‍රමාණයෙන්ම රා ලීටර් 105,000ක නිෂ්‍පාදන ප්‍රමාණයක් බලාපොරොත්තු වන බවද සඳහන් වේ.