පොදුජන සන්ධානයේ ඡන්ද සටන මෙහෙයවීම අගමැති මහින්ද යටතට


(අජන්ත කුමාර අගලකඩ)  

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ඡන්ද සටන මෙහෙයවීම, පොදුජන පෙරමුණේ නායක, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සිදුකෙරෙනු ඇතැයි වාර්තා වේ.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මැතිවරණ සටන මෙහෙයවීමට එක්වනු ඇති අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම් කළමනාකරු වශයෙන් කටයුතු කරනු ඇතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.  


පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවා ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට දැනටමත් තීරණය කර ඇත. එම සන්ධානයේ එක් එක් පක්ෂවලට හිමිවන අපේක්ෂක සංඛ්‍යාව ආදිය ඉදිරි සති කිහිපය තුළ සාකච්ඡා කර තීරණය කෙරෙනු ඇත.