පොදුජන පෙරමුණේ පළමු රැස්වීම පොළොන්නරුවේ


(නාලක සංජීව දහනායක)  
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් දිවයිනපුරාම පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ හා ජනහමු මාලාවේ පළමුවැන්න ඊළඟ සෙනසුරාදා (14) වැනිදා පොළොන්නරුවෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.  

දිවයිනම ආවරණය වන පරිදි සෑම සති අන්තයකදීම මෙම උද්ඝෝෂණ හා ජනහමු මාලාව පැවැත්වෙන බව එම පෙරමුණේ ප්‍රකාශකයක් පැවැසීය.  


ඒ අනුව මේ වනවිට නිල කාලය අවසන්ව තිබෙන සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභා සහ ඔක්තෝබර් මාසයේදී නිලකාලය අවසන්වීමට නියමිත වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභා මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙම උද්ඝෝෂණ මාලාව හා ජනහමු මාලාව සංවිධානය කරන බවද හෙතෙම සඳහන් කළේය.