පොදු ප්‍රවාහනය අරඹන්න කලින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාර්ගෝපදේශන ලබාගන්න


  • සෞඛ්‍ය අංශ  ප්‍රවාහන අමාත්‍යංශයට දැනුම් දෙයි

(දයාසීලි ලියනගේ)  

ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී පොදු ප්‍රවාහන සේවාව ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාර්ගෝපදේශන ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ප්‍රවාහන අමාත්‍යංශයට දැනුම්දී ඇත.  

පොදු ප්‍රවාහන සේවය යළි ආරම්භ කිරීමේදී නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළහොත් අවදානම බරපතළ වෙන බව ප්‍රවාහන අමාත්‍යංශය හා සෞඛ්‍ය අංශ සමග පෙරේදා (2) පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදුන් බව ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.  


පොදු ප්‍රවාහන සේවය හිතුමතේ ආරම්භ කිරීම බරපතළ අවදානම් තත්ත්වයක් වෙන නිසා සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම අනුගමනය කළයුතු අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාර්ගෝපදේශය ලබාගත යුතු යැයි සෞඛ්‍ය අංශ දැනුම් දුන් බවද ඇමැතිවරයා කීය.