පූජාවට්ටියේ ප්ලාස්ටික් මල් මාලයෙන් පරිසර හානියක්


(දයාසීලි ලියනගේ)  

පූජා වට්ටිවලට යොදා ගන්නා ප්ලාස්ටික් මල්මාලාවලින් විශාල පරිසර හානියක් සිදුවෙන බව භික්ෂූන් වහන්සේලා ගණනාවක් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාට ලිඛිතව පැමිණිලි කර ඇත. 

ප්‍රධාන පෙළේ පූජනීය ස්ථානවල මෙම තත්ත්වය විශාල වශයෙන් පෙන්නුම් කරන බවද මෙම භික්ෂූන් වහන්සේලා පෙන්වා දී ඇත. බොහෝ විට මෙම මල්මාලා ඉවතලන අතර ඒවා දිරාපත් වීමට දිගු කාලයක් ගන්නා බවද භික්ෂූන් වහන්සේ පෙන්වා දී ඇති බව ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.