පුරප්පාඩු ආසනවලට ශ්‍රීලනිපයෙන් අලුත් මුහුණු


(අජන්ත කුමාර අගලකඩ) 

පුරප්පාඩු වී ඇති ආසනවලට සහ දුර්වල සංවිධායකයින් සිටින ආසනවලට නව සංවිධායකයින් කඩිනමින් පත් කිරීමට පක්ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියද‌ාස මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවසීය. 


මෙම කටයුතු කෙරෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුවය.

පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධුර සඳහා ඉදිරිපත්ව තිබෙන අයඳුම්පත් පරික්ෂා කර සුදුසු අය තෝරා ගැනීමට එක් එක් දිස්ත්‍රික් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර ඇතැයි ඔහු සඳහන් කළේය. 


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වැනි සංවත්සරය ලබන මාසය තුළ පැවැත්වෙන බව කී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියද‌ාස මහතා සංවත්සරයට පෙර ආසන සංවිධායක පුරප්පාඩු පුරවන බව ද කීය.