පිරිසුදු නොකළ පොල් තෙල් ගෙන්වීම තහනම් කරන්න යයි


(දයාසීලි ලියනගේ)  

පිරිපහදු නොකළ පොල් තෙල් මෙරටට ගෙන්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා කීය.  

වසරකට පොල් තෙල් මෙට්‍රික් ටොන් 180000 ක් ආනයනය කරනු ලබන බව ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. පිරිසුදු පොල් තෙල්, සෝයා තෙල්,  ඇතුළු ආහාර සඳහා පාවිච්චි කළ හැකි තෙල් වර්ග මෙරට නිපදවීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කරනු ලබන බව අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයා කීය.  
බී.සී.සී. ආයතනය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට ද මේ වැඩපිළිවෙළ යටතේ ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.