පාස්කු ප්‍රහාරයේ චෝදනා එල්ල වූ මැති ඇමැතිවරු ගැන විමර්ශනය කරන්න


මන්ත්‍රී සුමන්තිරන්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

මුස්ලිම් අන්තවාදීන් විසින් පසුගිය පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ චෝදනා එල්ල වී ඇති මැති ඇමැතිවරුන් පිළිබඳ පුළුල් විමර්ශනයක් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.  

නමුත් මෙම බෝම්බ ප්‍රහාරවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ බවට විශ්වාස කළ නොහැකි බවත් චෝදනා එල්ල වී ඇත්නම් පසු විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කළ යුතු බව එම සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවැසීය.  


එහෙත් එය නියමාකාරයෙන් සිදු කළ යුතු බවත්, මේ මොහොතේ ඇතැම් මන්ත්‍රීවරු ජාතිවාදය ඇවිස්සීම සඳහා ද විවිධ චෝදනා කරන බව ද ඔහු සඳහන් කළේය.  
ඒ නිසා ආණ්ඩුව නිසි පියවරක් ගත යුතු අතර පරීක්ෂණ හෝ විමර්ශන නියමාකාරයෙන් සිදුකළ යුතුයි. මේ ප්‍රහාරයේ වගකීම සම්පූර්ණයෙන්ම රජය බාරගත යුතු බවත්, ආණ්‍ඩුවට සම්බන්ධ වූවත් චෝදනා එල්ල වී ඇතිනම් ඕනෑම මන්ත්‍රීවරයෙකු පිළිබඳ විමර්ශන කළ යුතු අතර එය පැහැර හරින්නේ නම් ආණ්‍ඩුවට අප්‍රසාදය පළ කරන බවද ඔහු සඳහන් කළේය.