පාසල් යළි ඇරඹීම මැයි අගට කල්යයි


 

(අජනත කුමාර අගලකඩ) 

 
කොරෝනා වයිරසය පැතිරයාම පාලනය කිරීමේ පියවරක් ලෙස වසා දැමුණු දිවයිනේ සියලුම පාසල් නැවත විවෘත කිරීම ලබන මැයි මස අග භාගය පමණ වනතුරු කල්යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   


මෙරටින් පළමු කොරෝනා රෝගියා වාර්තාවීමත් සමග රජයේ සහ පෞද්ගලික සියලුම පාසල් ඉකුත් මාර්තු මස 12 වැනිදා වසා දමනු ලැබීය.   


අලුත් අවුරුදු සමයෙන් පසුව, පවතින තත්ත්වය සමාලෝචනය කර, දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය ඉවත් කිරීමටත්, තවත් දිස්ත්‍රික්ක කිහිපයක අඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යාමටත් රජයේ අවධානය යොමු වී ඇති අතර, රටේ සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ තීන්දු තීරණවලට ඉන් අනතුරුව එළැඹීමට නියමිතය.   
ඒ අනුව ලබන මස මුල පමණ වනවිට රටේ තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් නැවත විවෘත කෙරෙන දිනය තීරණය කෙරෙනු ඇත.