පාර්ලිමේන්තුවේ දී අපි එජාප බහුතරය පෙන්වනවා


මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා   

(දයාසීලි ලියනගේ)   
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පක්ෂයට ​නොහැකි වුවහොත් එදිනම අරලියගහ මන්දිරය බාර දී මහත්වරුන් ලෙස ඉවත්වෙන බව හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.   

පාර්ලිමේන්තුව ඉක්මනින් රැස්වනු ඇතැයි විශ්වාස කරනු ලබන අතර, එහිදී අවශ්‍ය වන මූලිකම කරුණ බහුතර බලය පවතින්නේ කාටද යන්න තීරණය කර ගැනීම පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේය.   


එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂයේද? විපක්ෂයේද? යන්න පිළිබඳව විමසූවිට ඔහු ප්‍රකාශ කළේ. අපිට පාර්ලිමේන්තුවේ කොතැන වාඩි උනත් ප්‍රශ්නයක් නැහැ. අපේ මූලික අවශ්‍යතාව බහුතරය කාට ද යන්න තීරණය කිරීම බව ද ඔහු කීය.   


එක්සත් ජාතික පක්ෂයට බහුතරය පෙන්විය හැකි බව සියයට 100ක්ම විශ්වාස බව ද ඔහු වැඩිදුරටත් කීය.