පාර්ලිමේන්තුව 7දා රැස්වෙයි


 

(දයාසීලි ලියනගේ)  


පාර්ලි​මේන්තුව ලබන 7 වැනිදා රැස්වීමට නියමිතව ඇත.  


පසුගිය සිකුරාදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කීපයක නායකයන්ගේ රැස්වීමකදී මේ බව අනාවරණය කර තිබේ.  

ඒ අනුව එදින පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කෙරෙන අතර ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කරනු ඇත.  


පාර්ලි​මේන්තුවේ බහුතරය පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන සිකුරාදා සවස පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරනු ඇතැයි වාර්තා විය.