පාර්ලිමේන්තු සේවකයන්ගේ බත්පතේ මිල වැඩි කරයි


(දයාසීලි ලියනගේ)   

පාර්ලිමේන්තු සේවකයන්ගේ දිවා ආහාරය සඳහා අයකර ගනු ලබන මුදල රුපියල් 200 සිට 500 දක්වා වැඩි කිරීමටත්, නිලධාරීන්ගෙන් අය කරන මුදල රුපියල් 500 සිට 750 දක්වාත් වැඩි කිරීමටත් යයි.  

මේ සඳහා ඉදිරිපත්වී ඇති යෝජනාවට පහළ සේවකයන් තදබල විරෝධතාවක් දක්වා ඇති බව වාර්තා වේ.  


 පාර්ලිමේන්තු සේවකයන්ට හා නිලධාරීන්ට සුබසාධන කරුණක් සේ සලකා දිවා ආහාරය සඳහා මාසයකට මෙම මුදල අයකර ගැනීම සිදුවේ.  
ගුණාත්මක බවින් තොරව ලබාදෙන ආහාර වේල පෝෂ්‍යද‌ායී ලෙස ලබා දීමට පියවරක් නොගෙන මුදල වැඩිකිරීමට යාම පිළිබඳව සේවක අප්‍රසාදය පළවී ඇති බව කියයි.