පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිසිවකු පළාත් සභා ඡන්දයට එපා


පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය 

(දයාසීලි ලියනගේ) 

මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින කිසිවකු ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් නොකරන ලෙස පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය රජයෙන් ඉල්ලා ඇත. 

අත්දැකීම් බහුල දක්ෂ පුද්ගලයන් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටින අය පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කාංචන ජයරත්න මහතා කීය. 


ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහ ඇමැති තනතුර අපේක්ෂාවෙන් මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමේ සූද‌ානමක් පිළිබඳව වාර්තා වී ඇතැයි ද කාංචන ජයරත්න මහතා ප්‍රකාශ කළේය. 


ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම හැකි ඉක්මනින් පවත්වන ලෙසට ද රජයෙන් ඉල්ලා සිටි බවත් ඔහු කීය.