පාර්ලිමේන්තු කාලය අවසන්: මන්ත්‍රීන් 60කට විශ්‍රාම වැටුප නෑ


(අජන්ත කුමාර අගලකඩ)   

පාර්ලිමේන්තුව ලබන මස 2 වැනිදා රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසුරුවා හැරීමට නියමිතය. එහි අවසන් රැස්වීම ඉකුත් බ්‍රහස්පතින්දා පැවැත්විණි.  
පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර විසුරුවා හැරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60කට පමණ විශ්‍රාම වැටුප අහිමිවනු ඇති බවද වාර්තා වේ.   

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව ද දැනගන්නට ඇත.   මහමැතිවරණ සඳහා නාමයෝජනා බාරගැනීම ලබන මස 11 වැනිදාත් 17 වැනිදා අතර කාලය තුළ සිදුකෙරෙනු ඇතැයිද නව පාර්ලිමේන්තුව කැඳවීම මැයි මස 12 වැනිදාත් සිදුවනු ඇතැයිද දැනගන්නට තිබේ.