පාම්තෙලින් පිසින ආහාර අනුභවය අනතුරුදායකයි


ප්‍රධාන පිළිකා කාරක තුනක් නිපදවෙනවා

වෛද්‍ය නවීන්ද සොයිසා  

(උපුල් වික්‍රමසිංහ)  

පාම් තෙල් මගින් ප්‍රධාන පිළිකාකාරක තුනක් නිපදවන නිසා ඒවා භාවිතයට ගෙන පිසින ආහාර අනුභවයට ගැනීම අනතුරුදායක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.  

Glycidyl fatty acid Esters (GE) Monocloro propanediol (3MCPD) සහ Monochloro propanediol (2MCPD) යනුවෙන් හඳුන්වන පිළිකාකාරක තුන පාම් තෙල් මිශ්‍රිත ආහාරවල අන්තර්ගත වන බව කී ඒ මහතා පාම් තෙල් සෙල්සියස් අංශක දෙසීයකට වැඩි උෂ්ණත්වයකදී රත් කරන විට මෙම පිළිකාකාරක නිපදවීම සිදු වන බවත් පරිහරණය කළ තෙල් නැවත නැවත රත් කරමින් පිසින කෑම වර්ගවල මෙම පිළිකාකාරක හැදීමේ ඉහළ ගුණයක් ඇති බවත් ප්‍රකාශ කළේය.  


පාම් තෙල්වලින් පිසින ආහාර භාවිතයට ගැනීම නිසා ජාන විකෘතිතා ඇති වන බවත් ​බෝ නොවන රෝග වැළඳීමේ ඉහළ හැකියාවක් තිබෙන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  


පාම් තෙල්වල පිළිකාකාරක අන්තර්ගතව තිබෙන්නේද යන්න පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ගත් තොරතුරු ඇති ද යන්න විමසීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.