පාතාල සාමාජිකයන් මුහුදේ සැඟවිලා


බහුදින යාත්‍රාවල සැඟවී මාස දෙකක්  මුහුදේ 

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) 

දකුණු පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලි කිහිපයක සාමාජිකයන් රැසක් පොලිසියෙන් බේරීම සඳහා බහුදින යාත්‍රාවලින් මසුන් ඇල්ලීමට යන ධීවරයන් සමග මුහුදු ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය. 


බහුදින යාත්‍රා මසුන් ඇල්ලීමට ගිය පසු ගැඹුරු මුහුදේ මාස 2ක පමණ කාලයක් ගත කරනු ලබන නිසා මෙසේ ඒවායේ නැගී ගොස් සැඟවී සිටින බවද එම නිලධාරියා කීය. 

මෙසේ බහුදින යාත්‍රාවල සැඟවී සිටින පාතාලයන්ගේ වතගොත පාතාල මර්දන පොලිස් කණ්ඩායම් මගින් හෙළි කරගෙන ඇතැයි කියති. 

පාතාල කල්ලි සාමාජිකයන් ගොඩබිමට පැමිණි පසු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ බළකායේ හා පොලිස් නිලධාරීන් සූදානම්ව සිටින බවද දැන ගන්නට ඇත.