පාඩු ලබන ශ්‍රී ලංකන්ට කෝටි 2700ක ණයකුත් දෙයි


 

(අජන්ත කුමාර අගලකඩ)  
පාඩු ලබමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා තවත් රුපියල් කෝටි 2700ක ණය මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.   

ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 1,500ක් සහ මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1,200ක් වශයෙන් මෙම ණය මුදල ලබාදීමට යෝජනාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.  


ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිගින් දිගටම පාඩු ලබමින් සිටින අතර මේ වනවිට එහි පාඩුව රුපියල් කෝටි 2,200ක් පමණ වන බව වාර්තාවේ. එම ආයතනය ආයෝජකයකුට ලබාදීමට රජය අපේක්ෂාවෙන් සිටින නමුත් එය මිලදී ගැනීම සඳහා මෙතෙක් ආයෝජකයකු ඉදිරිපත්වී නැති බවද දැන ගන්නට ඇත.