ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123ක එක ජාතික පාසලක්වත් නෑ


(අජන්ත කුමාර අගලකඩ) 

එකදු ජාතික පාසලක් හෝ නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123ක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුනා ගනු ලැබ ඇත. 


නව විෂය මාලාවක් සහ ආකර්ශනීය දිවිතීයික පාසල් ජාලයක් නිර්මාණය කිරීමේ රජයේ වැඩසටහන යටතේ පළමු අදියර ලෙස එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123 තුළ ද්වීතියික පාසල් 123ක් සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 

එක් පාසලක උපරිම වශයෙන් සිසුන් 3000කට පමණ ඉගෙනීමට අවස්ථාව ලැබෙන පරිදි සුහුරු පන්ති කාමර, විද්‍යාගාර, පුස්තකාල, තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් පහසුකම්, සෞන්දර්ය අධ්‍යාපන පහසුකම් සහිතව එම පාසල් සංවර්ධනය කෙරෙන අතර එක් පාසලක් වෙනුවෙන් රුපියල් කේටි 6 සිට 15 දක්වා මුදලක් යෙදවීමට අපේක්ෂා කෙරේ. 


වසර තුනක් තුළ එම පාසල් 123 හි සංවර්ධන කටයුතු නිම කිරීමටත් අනතුරුව තවත් පාසල් 1000 ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරාගෙන සංවර්ධනය කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.