ප්‍රධාන පෙළේ ඇමැතිවරයකුට පසුපෙළ මන්ත්‍රී විරෝධයක්


(දයාසීලි ලියනගේ)  

රජයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයකුගේ ක්‍රියාකලාපය පිළිබඳව පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි වි​රෝධයක් පළවී තිබෙන බව වාර්තා වේ.  


මෙම ඇමැතිවරයා යටතේ පවතින රාජ්‍ය ආයතනක පවතින නොසන්සුන්තාවයට සති කීපයක් තිස්සේ පියවර නොගැනීම හා අද‌ාළ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ඇති අප්‍රසාදය මෙම විරෝධයට හේතු වී ඇතැයි වාර්තා වේ.  

මේ තත්ත්වය පිළිබඳව ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුට ද පැමිණිලි කර ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ අද‌ාළ ආයතනයේ සභාපතිවරිය පත්කර ඇත්තේ ඇමැතිවරයා නිසා තමන්ට අතදැමිය නොහැකි බව යැයි දැනගන්නට ඇත.  ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී පසුපෙළ මන්ත්‍රීවරුන් මෙම ඇමැතිවරයා පිළිබඳව පැමිණිලි කර ඇතත් එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ද කියති.