ප්‍රධාන පක්ෂ තුනක ජනපති අපේක්ෂකයන් හෙළිකරන රැළි ඉදිරි දිනවල


(දයාසිලි ලියනගේ)   

ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ මහා රැළි ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතය.  

එක්සත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙට (5) පිහිටුවීමට නියමිතව ඇති අතර, එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා එදින ප්‍රකාශයට පත් නොවනු ඇතැයි දැනගන්නට ඇත.   
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ ජන රැළිය ගාලුමුවදොර පිටියේදී ලබන 18 වැනිදා පැවැත්වේ.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලබන 2 දෙවැනිදා ප්‍රකාශයට පත් කෙරෙන අතර එම රැස්වීම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.