ප්‍රදේශ තුනක අලුතෙන් කොරෝනා පොකුරු බිහිවීමේ අවද‌ානමක්


(දයාසීලි ලියනගේ)   

කුරුණෑගල, මධ්‍යම හා කළුතර යන ප්‍රදේශවල යළි අලුතෙන් කොරෝනා පොකුරු බිහිවීමේ බරපතළ අවද‌ානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.   

පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා තවමත් ප්‍රමාද වීම මේ තත්ත්වයට මූලික හේතුව වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.   


පසුගිය දිනවල රෝගීන් හඳුනාගනු ලැබුවේ දින කීපයකට පෙර පවත්වන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලින් වන අතර මේ මොහොත වන විටත් දිනකට සිදුකරනු ලබන්නේ පී.සී.ආර්. පරීක්ෂණ 10,000 ක ප්‍රමාණයක් බව ද ඒ මහතා පැවසීය. මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම මගින් වයිරසය පැතිර යාම සිදුවන බව ද එමගින් අලුතින් පොකුරු බිහිවීමේ අවද‌ානමක් ඇති වී තිබෙන බව ද ඔහු කීය.