ප්‍රදේශ කීපයකට කොරෝනා අවදානමක්


(දයාසීලි ලියනගේ සහ නිශාන්ත කුමාර බණ්ඩාර)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි කීප දෙනෙක් හා එහි රාජකාරි කටයුතුවල යෙදී සිටි කීපදෙනෙක් මේ වන විට රට පුරා විවිධ ප්‍රදේශවලට ගමන් කර ඇති නිසා ප්‍රදේශ කීපයක කොරෝනා අවදානම ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ සැක පහළ කරයි.

මුන්දලම රෝහලට ඉකුත් සිකුරාදා උණ රෝගය හේතුවෙන් ඇතුළත් කළ රෝගියෙක් හලාවත මහ රෝහලට මාරු කර යැවීමේදී අතරමගදී මියගොස් තිබේ. ඔහුගේ මෘත දේහය යළි මුන්දලම රෝහලට ගෙනැවිත් තිබෙන අතර, ඔහු මියගියේ කොරෝනා වයිරසය අසාදනය වීමෙන්ද නැද්ද යන්න සෞඛ්‍ය අංශ මගින් පරීක්ෂණ පවත්වාගෙන යයි.


මේ අතර නාත්තන්ඩිය කොට්ටාරමුල්ල ප්‍රදේශයේ නිවාස හතක පුද්ගලයින් නිරෝධායනයට යොදවා ඇති බව ද වාර්තා වේ.


ඉකුත් සිකුරාදා දහවල් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ආ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.