පළාත් සභා තුනක නිල කාලය ලබන ඔක්තෝබරයේ අවසන්


(අජන්ත කුමාර අගලකඩ) 

තවත් පළාත් සභා තුනක නිල කාලය මාස එක හමාරකින් අවසන් වීමට නියමිතව ඇත.  ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මස 8 වැනිද‌ා ද, වයඹ පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් 10 වැනිද‌ා ද උතුරු පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් 24 වැනිද‌ා ද අවසන් වීමට නියමිතය. 

 

 මෙම පළාත් සභා තුනේ මැතිවරණය 2013 සැප්තැම්බර් මස 21 වැනිද‌ා පැවැත්විණි. 


 මේ අතර උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් විය. 


තවත් පළාත් සභා තුනක නිල කාලය ලබන වසරේ අවසන් වීමට නියමිතය. ඒ අනුව දකුණු පළාත් සභාවේ නිල කාලය ලබන වසරේ අප්‍රේල් 10 වැනිද‌ා ද බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ලබන අප්‍රේල් 21 වැනිද‌ා ද අවසන් වීමට නියමිත අතර ඌව පළාත් සභාවේ නිල කාලය ලබන වසරේ සැප්තැම්බර් මස 8 වැනිද‌ා අවසන් වීමට නියමිතය. 


 දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ තවත් මාස එක හමාරකින් නිල කාලය අවසන් වෙන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන දිනය කවද‌ා ද යන්න තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.