පළාත් සභා ඡන්දෙ ඉල්ලා ඒකාබද්ධෙන් උද්ඝෝෂණ


(අජන්ත කුමාර අගලකඩ)  

කල්දමා ඇති පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ආණ්ඩුවට බලකරමින් සම්මන්ත්‍රණ හා උද්ඝෝෂණ මාලාවක් රටපුරා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.  

‘පොදුජන රළ’ නමින් සංවිධානය කෙරෙන එම රැස්වීම් මාලාව මේ මස 14 වැනිදා අනුරාධපුරයෙන් හා පොළොන්නරුවෙන් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය. 
රට පුරා ආසන මට්ටමින් මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද දිනකට සම්මන්ත්‍රණ තුනක් හෝ හතරක් බැගින් සෑම සති අන්තයකම මෙම සම්මන්ත්‍රණ මාලාව පවත්වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.  


පළාත් සභා මැතිවරණය ලබා ගැනීම සහ ආණ්ඩුව පලවා හැරීමට ජනබලය ගොඩනැගීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව, දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ඔහු කීවේය.