පළාත් සභා ඡන්දයට කලින් යෝජිත ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි


විපක්ෂ නායක සම්බන්ධන්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කලින් යෝජිත ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.  

 

මේ තුළින් දෙමළ ජනතාව අපේක්ෂා කරන බලතල බෙදී යන බවත් එයින් දෙමළ සිංහල ජනතාවට සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාවක් පවතින බවත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානී විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.  


පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවත්, එසේ නොකරන්නේ නම් ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳ අපට සෑහීමකට පත්විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.