පළාත් සභා ඡන්දය කල්යයි ?


(දයාසිලි ලියනගේ)  
පළාත් සභා මැතිවරණයක් සඳහා නාමයෝජනා ලබාදීමේදී කාන්තා නියෝජනය 30%ක් විය යුතු බවට ජුලි 10 වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය හේතුවෙන් උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් තුනේ පළාත් සභා ඡන්ද විමසීම කල් දැමීමට සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

නාමයෝජනා ලබාදීමේදී ඉන් සියයට 30ක් කාන්තාවන් විය යුතු බව සඳහන් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර එම ගැසට් පත්‍රයේ සඳහන් ඇතැම් කරුණුවලට විරෝධය දක්වා ශ්‍රේෂඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ. ඒ අනුව යම් පාර්ශ්වයක් විසින් පෙත්සමක් ඉදිපත් කරනු ඇතැයිද විශ්වාස කෙරේ.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී කැ​ෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ පුදකුඩිරිප්පු ප්‍රාදේශීය සභාව සඳහා වූ ඡන්දය අධිකරණයේ විභාගවන නඩුවක් හේතුවෙන් වසර 5 1/2ක කාලයක් කල් දමා තිබූ ආකාරයට නැගෙනහිර උතුරු මැද හා සබරගමු පළාත් සභා ඡන්ද විමසීම කල් දැමීමට සිවනු ඇති බවයි.   


සියයට 30ක කාන්තා නියෝජනය නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත් කිරීම හා එසේ නැති ඒවා ප්‍රතික්ෂේප කිරීම සඳහා ඉඩ හසර ලබාදීම යන මාතෘකා යටතේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.   


පළාත් සභා ඡන්දය සඳහා නොවැම්බර් 2 වැනිදා වනවිට නාමයෝජනා කැඳවිය යුතුව ඇතත් එය වැළැක්වීම සඳහා යම් පාර්ශ්වයක් දැනටමත් විරෝධතා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.