පළාත් සභා ඡන්දය කල් දමා ඇති ප්‍රචාරය මිත්‍යාවක්


සියලු පළාත් සභා එකම දවසක 

ඇමැති අකිල

(දේශපාලන ලියුම්කරු)  
වත්මන් රජය පළාත් සභා ඡන්දය කල් දමා ඇතැයි විපක්ෂය ගෙනයන ප්‍රචාරවල සත්‍යතාවක් නැතැයි අධ්‍යාපන ඇමැති සහ එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.  

ඇමැතිවරයා පවසන්නේ කඩින් කඩ නොව රට පුරාම එකම දවසක පළාත් සභා මැතිවරණය පැවැත්වීම රජයේ අරමුණ බවය. පැවැති රජය දේශපාලන වාසි තකා කඩින් කඩ මැතිවරණය පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස පළාත් සභා තුනක නිල කාලය අවසන්වී ඇති බව පවසන කාරියවසම් මහතා සියලු පළාත්වාසී ජනතාවට සාධාරණයක් ඉටු​ෙවන ලෙස එකම දිනයක මැතිවරණය පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද සඳහන් කළේය.