පළාත් ඡන්දය කල් දැමීමේ ප්‍රෝඩාවට ඉඩ දෙන්න එපා - ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය නිසා පළාත් සභා මැතිවරණය කල්දැමීම ජනතා පරමාධිපත්‍යය හෑල්ලුවට ලක් කිරීමක් වන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.  

මේ නිසා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස ආණ්ඩුවට බලකරන බව එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.  


ආණ්ඩුවට මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බවත් මැතිවරණ කොමිසම ද ඊට එකඟතාව පළකර තිබියදී ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින ගැටලු නිසා මැතිවරණය කල් දැමීමට කටයුතු කරන බවට ඔහු චෝදනා කරයි.  


මැතිවරණය මනාප ක්‍රමයට හෝ කොට්ඨාස ක්‍රමයට පවත්වන බවට විවිධ ප්‍රකාශ කරමින් මැතිවරණය කල් දැමීමේ ප්‍රෝඩාවක් ඇති බවත් සීමා නිර්ණය කොමිසම් වාර්තාව අනුව කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතියි.  


තම පෙරමුණ මනාප ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට කිසිදු එකඟතාවක් නැති බවත් වහාම මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේනම් ආණ්ඩුවට බලකිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන බවද ඔහු සඳහන් කළේය.