පළාත් ඡන්දය ඉලක්ක කරගත් ජවිපෙ සමුළුවක් 17 දා කොළඹදී


(දයාසීලි ලියනගේ)  
පළාත් පාලන මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වෙන සියලු අපේක්ෂකයන් මේ මස 17 වැනිදා කොළඹට කැඳවා ඇත.  

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සමුළුවට පූජකවරු, විද්වතුන්, කලා ශිල්පීන් ඇතුළු විශේෂිත පිරිසක්ද සහභාගි වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.  “ගම ගොඩ නගන - දූෂණය පරදන ජවය” මෙම සමුළුවේ තේමාව වශයෙන් සඳහන් කර ඇත.