පළාත් ඡන්දය කල් දැම්මොත් පොදුරද මඩුලු සහාය පතනවා


ඒකාබද්ධ විපක්ෂය

(දයාසීලි ලියනගේ)  
පළාත් සභා ඡන්දය කල් දැමීම හා ඒකාබද්ධ විපක්ෂයට හිමි විය යුතු අයිතිවාසිකම් ලබා නොදීම පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් දැනුම්වත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.  

පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මේ රටේ සියලු කොටස් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර, මේ වනවිටත් පැෆරල් සංවිධානය සමග සාකච්ඡා කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කීය.  


ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂයට හිමි වරප්‍රසාද ලබානොදීම නිසා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් සිදුවෙන බවට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් දැනුවත් කරනු ලබන බව ද රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.